ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බිබිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින් පස් දෙනෙකුගෙන් රු. 1, 993,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 5 ක් ලැබී තිබුණි. ඒ අනුව එම පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ පුද්ගලයා කාර්යාංශයට කැඳවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.
ෙ